පොදු ප්‍රවාහන සේවය භාවිතයෙන් ගමන් කිරීම

myki යනු මෙල්බර්න් සහ වික්ටෝරියාවේ සමහර පළාත්බද ප්‍රදේශවල දුම්රිය, ට්‍රෑම් රථ හා බස් රථ මගින් ගමන් කිරීම සඳහා ඔබේ පොදු ප්‍රවාහන ටිකට් පතයි.

 

සියලුම 7-Elevens ඇතුළු වෙළඳසැල් ගණනාවකින්, නැතහොත් order a myki online, වෙබ් අඩවියෙන් හෝ via the PTV app යෙදුම හරහා පහසුවෙන් myki මිලදී ගැනීමට හැකිය.

Hero

පොදු ප්‍රවාහන සේවය භාවිතයෙන් ගමන් කිරීම

myki යනු මෙල්බර්න් සහ වික්ටෝරියාවේ සමහර පළාත්බද ප්‍රදේශවල දුම්රිය, ට්‍රෑම් රථ හා බස් රථ මගින් ගමන් කිරීම සඳහා ඔබේ පොදු ප්‍රවාහන ටිකට් පතයි.

 

සියලුම 7-Elevens ඇතුළු වෙළඳසැල් ගණනාවකින්, නැතහොත් order a myki online, වෙබ් අඩවියෙන් හෝ via the PTV app යෙදුම හරහා පහසුවෙන් myki මිලදී ගැනීමට හැකිය.

PTV යෙදුම

පොදු ප්‍රවාහන වික්ටෝරියා (Public Transport Victoria - PTV) යෙදුම ඔස්සේ ඔබේ ගමන සැලසුම් කර ඔබේ myki කළමනාකරණය කර ගන්න.

ඔබේ ගමන සැලසුම් කිරීම සඳහා උපකාරී වීමට සහ ඔබේ myki කළමනාකරණය කිරීම පහසු කිරීමට PTV යෙදුමේ විවිධ විශේෂාංග ඇත.

යෙදුම භාවිතයෙන් ඔබට කළ හැකි දේවල් කිහිපයක් පහත දැක්වේ:

  • ඔබේ කාඩ්පත නැති වුවහොත්, ඔබට ඔබේ මුදල් අහිමි නොවන පරිදි ඔබේ myki ලියාපදිංචි කිරීම
  • ඔබ ඔබේ ජංගම දුරකථනය මගින් ඔබේ myki පරිලෝකනය කරන විට පෝලිම් මගහැරීම හා ක්ෂණිකව කාඩ්පතට අවශ්‍ය මුදල් ප්‍රමාණය එකතු කිරීම
  • නිත්‍ය ගමන් මාර්ග පිළිබඳ ක්ෂණික තොරතුරු සඳහා ප්‍රියතම ගමන්වලට කෙටිමඟක් සකසා ගැනීම
  • බස් හෝ ට්‍රෑම් රථ නැවතුමක හෝ දුම්රිය ස්ථානයක රැඳී සිටින්නේ ද? එවිට ඊළඟ සේවාව සඳහා නියමිත වේලාව සොයා ගැනීම
  • මාර්ග බාධා ඇඟවීම් සමඟින් හෝ ඊළඟ දුම්රිය පැමිණීමට නියමිත වේලාව සොයා ගනිමින් පහසුවෙන් ගමන් කිරීම

PTV යෙදුම දැන්ම බාගත කර ඔබගේ myki ලියාපදිංචි කරන්න.

ඔබේ දුරකථන වර්ගය සඳහා PTV යෙදුම බාගත කිරීමට පහත අයිකොනය මත ක්ලික් කරන්න.

Google Play වෙතින් 
එය ලබා ගන්න App Store වෙතින්
බාගත කරන්න

PTV යෙදුම ඔබට උපකාර විය හැකි ආකාරය පිළිබඳ වැඩිදුර පහතින් සොයා බලන්න.

Hero

ඔබේ myki හා වෙනත් දේ කළමනාකරණය කරන්න

Create account 1000w x 400h

ගිණුමක් සකස් කර ඔබේ myki ලියාපදිංචි කරන්න

ඔබේ myki නැති වුනොත්, ඔබට මුදල් අහිමි වන්නේ නැත. මුදල් ආපසු ලබා ගැනීමට හෝ කල් ඉකුත් වූ කාඩ්පතක් ප්‍රතිස්ථාපනය කිරීමට ඔබේ myki ලියාපදිංචි කරන්න.

  • PTV යෙදුම විවෘත කර myki අයිකොනය තෝරා ගන්න
  • 'create an account' ('ගිණුමක් නිර්මාණය කරන්න') තෝරාගෙන ඔබේ myki පරිලෝකනය කරන්න
  • ඔබේ විස්තර ඇතුලත් කර 'create' (‘නිර්මාණය කරන්න’) බොත්තම ක්ලික් කරන්න
Instant top up 1000w x 400h

ක්ෂණිකව ගිණුමට අවශ්‍ය මුදල් ප්‍රමාණය දැමීම

ඔබ ඔබේ දුම්රිය, ට්‍රෑම් රථය හෝ බසය එනතුරු බලා සිටින අතරතුර දී පවා ඔබට PTV යෙදුමෙන් ක්ෂණිකව අවශ්‍ය මුදල් දැමිය හැකිය.

  • PTV යෙදුම විවෘත කර myki අයිකොනය තෝරා ගන්න
  • ඔබේ myki පරිලෝකනය කරන්න
  • ඔබගේ දුරකථනය මගින් කෙළින්ම අවශ්‍ය මුදල් ප්‍රමාණය දමන්න
Instant top up 1000w x 400h

ඔබේ myki ශේෂය පරීක්ෂා කරන්න

ඔබට PTV යෙදුමෙන් ඕනෑම වේලාවකදී ඔබගේ ශේෂය පරීක්ෂා කළ හැකිය.

  • PTV යෙදුම විවෘත කර myki අයිකොනය තෝරා ගන්න
  • 'Scan myki - Check balance' තෝරාගෙන ඔබේ myki පරිලෝකනය කරන්න
  • ශේෂය තිරය මත පෙන්නුම් කරනු ඇත
Manage multiple mykis 2000x800

බහු myki ගිණුම් කළමනාකරණය කරන්න

ඔබට එක් ගිණුමකින් ඔබේ පවුලේ අයගේ myki ගිණුම් කළමනාකරණය කළ හැකිය. ඔවුන්ට සැමවිටම වලංගු ටිකට් පතක් සහිතව පොදු ප්‍රවාහනයේ ගමන් කිරීමට හැකිවන පරිදි, myki ගිණුම් 10ක් දක්වා කළමනාකරණය කර, ශේෂයන් පරීක්ෂාකර මුදල් දමන්න.

  • ඔබේ myki ගිණුමට ඇතුළු වී 'add another myki' තෝරා ගන්න
  • myki පරිලෝකනය කරන්න
  • කාඩ්පත එකතු කිරීම සඳහා myki ගිණුම් හිමිකරුගේ විස්තර ඇතුළත් කරන්න
Mobile myki

ජංගම myki

ඔබට Android (ඇන්ඩ්‍රොයිඩ්) දුරකථනයක් තිබේ නම්, ඔබට ඩිජිටල් myki කාඩ්පතක් ඔබේ Google Wallet™ යෙදුමට එකතු කරගත හැකිය.

මෙය ජංගම myki වේ. ඔබේ Android දුරකථනය සම්බන්ධ කිරීමට ජංගම myki භාවිතා කර ඔබේ myki ගිණුමට අවශ්‍ය මුදල් ප්‍රමාණය දමීමට හා ශේෂය පරීක්ෂා කිරීමට PTV යෙදුම භාවිතා කරන්න.

Set auto top up

ස්වයංක්‍රීයව අවශ්‍ය මුදල් ප්‍රමාණය දැමීම සකස් කරන්න

ඔබට කිසි විටෙක අරමුදල් හිඟ නොවන පරිදි ස්වයංක්‍රීයව අවශ්‍ය මුදල් දැමීම සකසන්න.

අවම ශේෂයක් හා ස්වයංක්‍රීයව දැමිය හැකි අවශ්‍ය මුදල් ප්‍රමාණය තෝරන්න. ශේෂය අවම වූ විට, ඔබ ස්වයංක්‍රීයව දැමීමට සැකසූ මුදල් ප්‍රමාණය ඔබේ myki ගිණුමට දැමෙනු ඇත.

ඔබ ඔබේ දරුවන්ගේ myki ගිණුම් කළමනාකරණය කරන්නේ නම්, ඔබට ඔවුන් සඳහා ස්වයංක්‍රීයව අවශ්‍ය මුදල් ප්‍රමාණය දැමීම සකස් කිරීමට‍ පවා හැකිය.

  • ඔබේ myki ගිණුම ලියාපදිංචි කර ස්වයංක්‍රීයව දැමිය හැකි අවශ්‍ය මුදල් ප්‍රමාණය තෝරන්න
  • ඔබගේ අවම ශේෂය සකසන්න
  • ඔබ ස්වයංක්‍රීයව දැමිය යුතු මුදල් ප්‍රමාණය තෝරන්න
Favourite 1000w x 400h

ප්‍රියතම දේවල්

ඉක්මන් ප්‍රවේශය සඳහා ඔබේ ප්‍රියතම හා නිරන්තර නැවතුම්, ගමන් මාවත්, ගමන් සහ ලිපින සුරකින්න.

Refund 1000w x 400h

ලියාපදිංචි කළ myki ගිණුමක මුදල් ආපසු ගෙවීම

ඔබේ myki ගිණුම ලියාපදිංචි කර ඇත්නම්, ඔබේ ශේෂය ආරක්ෂිතය. ඔබට ඔබේ myki ශේෂය වෙනත් myki ගිණුමක් වෙත ආපසු ගෙවීමට හෝ ඔබේ ඕස්ට්‍රේලියානු බැංකු ගිණුමට බැර කිරීමට හැකිය.

වැඩිදුර සහාය මාර්ගෝපදේශ සඳහා how to use the PTV app page වෙත පිවිසෙන්න.

ඔබට යෙදුම භාවිතා කිරීමේ ගැටලුවක් තිබේ නම් සහ අපට දැනුම් දීමට අවශ්‍ය නම්, ඔබ අපට වැඩි තොරතුරු ලබාදෙන තරමට විමර්ශනය කිරීම අපට වඩාත් පහසු වේ.

See what information helps us investigate an app issue වෙබ් අඩවිය.

Back to top වෙබ් අඩවිය

ජලයේ ආරක්ෂිතව ගමන් කිරීම

ජාලයේ ආරක්ෂිතව ගමන් කිරීම මගින් පොදු ප්‍රවාහන ජාලය තුළ සහ ඒ අවට ඔබව හා අන් අයව ආරක්ෂිතව තබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු අප සතුව ඇත.

පොදු ප්‍රවාහන ජාලයේ ඔබේ ගමන ආරක්ෂිත කිරීමට උදවු කිරීමට අපි වික්ටෝරියානු පොලිසිය සහ පොදු ප්‍රවාහන ක්‍රියාකරුවන් සමඟ සමීපව කටයුතු කරන්නෙමු.

කාර්යමණ්ඩලය හා ආරක්ෂිත විශේෂාංග පිළිබඳ වැඩි විස්තර Safety You Can See වෙතින් දැනගත හැකිය.

Back to top වෙබ් අඩවිය

සිංහල

සාමාන්‍ය පොදු ප්‍රවහන තොරතුරු

  • (03) 9321 5446 අමතන්න

බලයලත් නිලධාරි තොරතුරු